Sunday, April 28, 2013

හර්ද සුත්‍රයෙන් පසු...

සුනේත්‍රාගේ පොතක් කියව්වාට පස්සේ හැමතිස්සෙම මට ලියන්න හිතෙනවා.කතාවක මනුස්සයෙක් කෑවේ බිව්වේ මොනවද කියන එකට වඩා මොනවද හිතුවේ කියන එක දැනගන්න ඕනවුනු හින්දා වෙන්න ඇති
මට හිතෙන දේවලුත් ලියන්න හිතෙන්නේ.

කොහොම උනත් නිර්මලා ජයසුරිය කියන්නේ මං වෙයි කියලා හිතාගෙන ඉන්න කෙනා වුනාට මේ අවුරුදු විසිතුනක් ඇතුලේ ගොඩනැගිලා තියෙන්නේ පුන්සරා ජයසුරිය කෙනෙක්ව.ඒ සමහර විට මට එයාට වගේම අම්මා කෙනෙක් ඉන්න නිසා වෙන්න ඇති.එත් සුවපත්වීමෙන් එහාට මං මගේ ජිවිතේ ජිවත් වෙලා නැති නිසා අනාගතයේ පුන්සරා ජයසුරිය ඉඳීවිද නිර්මලා ජයසුරිය ඉඳීවිද කියන්න මං හරියටම දන්නේ නැහැ.

පොඩි කාලේ ඉඳන් නොසැලකිය යුතු තරම් පොඩි කාරනා නොදනිම හිත යට තැන්පත් වෙලා තිපිලා පිටු පුරවලා ගතු කියලා මානසික වෛද්‍යවරියට ගිහින් දුන්නට ඒ ගැනිට එක කියවලා බලන්නවත් වුවමනාවක් තිබුනේ නැහැ. ඒ වෙනුවට මට හැමෝටම සමාව දෙන්න කිව්වා. එත් පුන්සරාගේ ලිවුම මිසිස් පෙරේරා පිච්චුවාට පස්සෙත් එකේ තිබුන දේවල් ගැන ගතු කිව්වා වගේම මගේ පැමිණිල්ලත් විභාග නොවීම නිෂ්ප්‍රභා කරලා දැම්මට මගේ හිතට සාධාරණයක් ලැබුනේ නැහැ.තාමත් ඒවා ගැන කියා කියා හුස්ම හිරවෙනකල්ම අඬන්න මට පුළුවන්. කාටවත් ඒ නඩුව විභාග කරන්න වුවමනාවක් නැති වුනාට සමහර විට මගේ ජිවිතයේ වැඩිමහල් සමයේදී ඒ වෙනුවෙන් මට සාමය උදාවෙයි.

ගැටලුව සුවපත් වීමෙන් එහාට මොකද වන්නේ කියන එක.භයානකම දේ සිද්ද වෙන දේවල් පිළිඅරගෙන එක අනුමත කරන්න මං නිර්මලා තරම් ශක්තිමත් ගැහැනියක් නොවන නිසා දවසක ප්‍රේමනීය පුරුෂයෙක් දරු පැටියෙක් නොමැති වීම ගැන දුක් වෙන්න තරම් බොළඳ වීමයි, ප්‍රේමනීය පුරුෂයෙක් සෙවනේ ඉන්න තාමත් කොහේදෝ ඉන්න ගැහැණියෙක් ආස වීමයි.

එකින් ඒකට අනුකම්පා විරහිතව මොලෙන් තිරනාට ගන්න විට "මෝඩ ගෑනියේ දවසක පසුතැවෙයි!" කියලා හදවත කෑ ගහන එක නවත්තන්න පුළුවන් නම් ජිවිතේ මීට වඩා පහසුවෙයි.

මං තාමත් අතරමං වෙලා. නිදහස් කුරුල්ලෙක්ව පියඹලා යන්න දෙන්න අතහරින්න මට තියෙන වුවමනාව නිසා එකට විරුද්ධව මට දෙයක් කරන්න බයයි.මං තාමත් වැට උඩ...

නැව පිටත් වෙන්න ලඟයි
දුම් දමමින් හු හඬ නගමින් 
දැනුම් දෙයි යලිත් වරක්
නමුදු මා අවිනිශ්චිතව 
ගොඩ වෙම් දැයි නොවෙම්දැයි
සිතමින් තවමත්
ජැටියේ අග නොසෙල්වී
නොනවතින චාරිකාවකට 
බියෙන්...



ප.ලි - " ගෑනියෙක්ට කලාතුරකින් තමයි එකපාර මිනිස්සු දෙන්නෙකුට ආදරේ කරන්න පුළුවන් - හර්ද සුත්‍රය "

මොන බොරුද? මේ මොහොතේ මම කීදෙනෙකුට ආදරේ කරනවද කියන්න මං දන්නේ නැහැ.

"ඔයා ගනුන්ට කතා කරන විදිහට ගැහැණු ලේසියෙන් රැවටෙනවා ඇති..රැවටිලා කියලා දැන දැනත් අතාරලා දාලා යන්න බැරි ගෑනුත් ඇති! - හර්ද සුත්‍රය "
.
මොනවා කරන්නද? මේක ලිව්වා එක්කෙනාගේ කටේ රුපියලක් දාන්න වටිනවා...