Saturday, June 7, 2014

ගැහැණු ආත්ම සහ පිරිමි ආත්ම

දැනට දශක කියකටද මන්දා කලින් මොන්රෝ කිව්වා හැම කියමනක්ම ස්ටේටස් එකකට එකතු කරලා දාන්න හිතෙනවා.කොච්චර පිරිමි වටේ හිටියත් එකත් තනිවුනු ආත්මයක්..එදා මෙදාතුර ගැහැණු චිත්ත සන්තානය වෙනස් නොවුණු බවට හොඳ සාක්ෂියක්..ගැහැණු ආත්මයකට අවශ්‍ය විදිහ පිරිමි, ඉපදුනු දවසේ ඉඳන් දිනපතා වෙනස් පිරිමි හමුවුනත්, හමුවෙන්නේ නැති බව තේරුම් ගත්තු මගේ සෝල් මෙට් කෙනෙක්...මේකේ අනිත් පැත්තත් මෙහෙමයි කියන්න මේ කතාව කියපු ගමන් පිරිමි කෝටියක් පැනලා එයි..එත් ඉතින් එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි.මේක ලියන්න ගත්තේ මගේ සිතුවිලි ගැන ලියන්න මිසක් මොන්රෝ ගැන ලියන්න නෙවේ උනත් ආදරයක් නැතුව ලෝකේ තනිවුනු ආත්මෙකට කියන්න මොන්රෝ කිව්ව දේවල් වලට වඩා හොඳ දේවල් නැහැ...

මේවා අපි වගේම අසරණ උණු පිරිමි ආත්ම වලට කියලා වැඩක් නැහැ.මොකද කෙනෙක්ට දෙයක් දෙන්න තමන් ළඟ දේවල් තියෙන්න එපැයි..තමන්ට අහිමි වුනු දේවල් හොයා හොයා යන පිරිමි ආත්ම වලට නැවතිලා ගැහැණු ආත්මයක් මොනවද හොයන්නේ කියලා හොයලා බලන්න තරම් කැසිල්ලක් නැහැ.අපි හැමෝටම තමන්ගේ හිත තමා වැදගත්.

මට තාම මම ඉපදුනු එකට හේතුවක් හොයාගන්න බැරි උනා..පෙර කරපු පව් වලට කියන කාරණය අමතක කරොත් මන් වගේ දුප්පත් ආත්මයක් මේ ලෝකෙට එන්න කිසිම හේතුවක් නැහැ.හරියටම කිව්වොත් මෙලොවටත් නැති එලොවටත් නැති ආත්මයක්. ඒ දුප්පත් ආත්මෙට නිවන වගේ උත්කෘෂ්ට මාතෘකා තාම තේරෙන්නේ නැහැ..තේරුම් ගන්න තරම් වෙහෙසෙන්න කැමැත්තකුත් නැහැ..

තමන්ට අහිමි දේවල් දැන් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ජිවත් වෙන ගැහැණු ආත්ම සහ පිරිමි ආත්ම හරියටම කැරට් අලේ පස්සේ දුවන අශ්වයෝ ටික වගේ..දුවලා දුවලා හෙම්බත් උනාම නැවතිලා බලනකොට අපි හැමෝම නාකි වෙලා..ඊට කලින් දැන් මේ මොහොතේ කකුල කැඩුණු අශ්වයෙකුට වෙඩි තියන ජොකියෙක් වගේ කවුරුහරි මට වෙඩි තියනවා නං මන් මගේ මුළු ගැහැණු ආත්මෙන්ම ස්තුතිවන්ත වෙනවා...

3 comments:

  1. ඔයාට කියන්න කැරළි කාරී, අපි සමහර දේවල් ලබාගන්න බැරි වෙනකොට ඒවා ලබන ආත්මෙටත් කල් දානවා. සමහරවිට මේ අපි කරන්නේ ගිය ආත්මේ ඇරියස් කවර් කරන එකදෝ කියලාත් මට හිතෙන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහරවිට....එත් දේවල් ලබාගන්න වෙහෙසෙන්න මට හරිම කම්මැලියි..ඒ හින්දාඅහම්බෙන් හරි මේ ජිවිතේ ඉවර වෙනවා නං කියලා විතරයි හිතෙන්නේ..නැවත ඉපදිලක් නැහැ කියලා හිතලා හිතට සැනසීමක් එකතු කරගන්නත් එතකොට පුළුවන්...අතෘප්තිකර ජිවිතේ හරිම අමාරුයි...

      Delete
  2. ඔන්න ඔහොම හිතපු කාලයක් මටත් තිබ්බා. ඒ කාලෙ මං ලියපු දින සටහන් තාමත් මා ලඟ තියෙනවා. ඒවා දෙන් කියෙව්වාම මං ලිව්වද කියල සැකයක් එනවා. ඔන්න ජීවිතේ හැටි;; වෙනස් උනේ එක මොහොතෙන්..

    ReplyDelete