Sunday, February 16, 2014

කරන්න පුළුවන් නම් ආශ්චර්යයක්...


මේ ලිපිය යම්තාක් දුරකට අන්තගාමි බව සලකන්න.

ලංකාවට මොනවදෝ වෙමින් පවතිනවා.එක පැත්තකින් ණය හෝ මොනවා මත හෝ පාරවල් ගොඩනැගිලි හැදෙනවා.පිට පෙනුම සැහෙන්න හොඳයි දැන්.මල් වවනවා, උද්භිත උද්‍යාන හදනවා නගර අලංකරණ කටයුතු කරනවා, ඒ ඔක්කොම හොඳයි.මොකද මීට කලින් හිටපු ජනාධිපතිතුමියගේ කාලේදී හරියටම ගල් වෙලා තිබුන කාලයක් වගේ, මුකුත්ම උනේ නැහැ.මුකුත්ම නොවෙනවට වඩා අඩුම තරමේ මේක හොඳයි.දේශපාලනමය වශයෙන් කියන්න මන් දන්නේ නැහැ.අනාගතේදී චිනට රට සින්න වෙයිද කියන්න දන්නෙත් නැහැ.ඒ මොනවා උනත් අනාගතේ ඉන්න ළමයින්ට කොහොම උනත් අද ඉන්න මිනිහගෙවත් ජිවන තත්වයේ යම් කිසි උසස් වීමක් පේනවා. එත් ඔය මොනවා හැදුවත් මහින්ද රාජපක්ෂට කරන්න බැරි දේ තමයි ලාංකිකයාගේ ඔලුව හදන එක.

90 පස්සේ ඉපදුනු ළමයින්ගේ මනස දැන් පාලනය කරන්න බැහැ ඉතිහාසේ විදිහට.මොකද ඒ ළමයි ලෝකෙත් එක්ක ගැටෙන ප්‍රමාණය වැඩියි.ඉතින් ලෝකේ යන විදිහට ඒ ළමයි හැඩ ගැහෙනවා.ඒ ළමයි එක්ක යන්න පුළුවන් ගානට වැඩිහිටියෝ ටික හදන්න පුළුවන් නම් අන්න වැඩේ.අතීත කාමෙන් ඉන්න වැඩිහිටියෝ ටිකට මානසික සංවර්ධන වැඩපිළිවෙලක් හදන්න ඕනේ.එකේ තේරුම දැන් ඉන්න ළමයි හැමෝගෙම මානසික තත්වය පට්ට  කියන එක නෙවෙයි.අඩුම තරමේ නාගරීකරණය වුනු ළමයි යම් දෙයක් තේරුම් ගැනීමේ හැකියාවක ඉන්නවා (මට එහෙම හිතෙනවා - මේක 70%වත්  නිවැරදි නැහැ.ඒවගේ සුළු දෙකින් ඔක්කොම එක කුලකයකට දාන්න අමාරු නිසා.) ග්‍රාමීය ළමයි ටික වැඩිහිටියන්ගේ හණමිටි අදහස් වලින් ගලවලා ගන්න ඕනේ.ලංකාවේ වැඩිහිටි ජනතාව ළමයිව ගයිඩ් කරනවා වෙනුවට තමන්ගේ සිතුවිලි ඒ ළමයින්ට දෙන හින්දා ඒ ළමයිනුත් අනිත් ළමයින්ට මල ඇනයක් වෙනවා වැඩිහිටියෝ වගේම.

වැඩිහිටියෝ සහ ළමයි ගැටෙන ප්‍රමාණය අඩුවුනාම මේ සියදිවි නසා ගැනීම් ටිකක් අඩුවෙයි.ඉරිදා ලංකාදීපේ තියනවා වෙනුෂා මැරුණු නිසා සිවිල් නීතියක් ගෙනල්ලා පාසැල් ළමයින්ට ෆේස්බුක් තහනං කරන්න ඕනෙලු.සිවිල් නීතියක් ගෙනල්ලා පාසැල් ළමයින්ට ෆේස්බුක් නතර කිරීමද උත්තරේ??? ලංකාවේ වැඩිහිටි ජනතාව මෙච්චර මෝඩ ඇයි??? ඊට වඩා නරකද කොල්ලෙක් එක්ක පින්තුරයක් ගත්ත පලියට මද කිපිලා ගහන්නේ නැති ප්‍රින්සිපල් කෙනෙක් හිටියා නම්.සති දෙකකට කලින් මොරටුවේදී කැම්පස් එකේ යාලුවෝ දෙන්නෙක් පොලිසියෙන් අල්ලලා තිබුනා ෆෝන් වල අසභ්‍ය වීඩියෝ ක්ලිප් තිබුනා කියලා.උන් දෙන්නා රුපියල් දාහක් දීලා ඇවිත් තිබුනා.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වීම ලංකාවේ තියන  ගැටළුවක් ගානට වැටිලා තියෙන්නේ ඇයි??

මේ විදිහට මිනිස්සුන්ව හිර කරන්න ගිහින් අන්තිමට ගෙවල් වල කාමර වලටත් එබෙන්න ගනිද දන්නේ නැහැ.හැබැයි එක සාර්ථක උනොත් අනාගත පරපුර සමලින්ගිකයෝ වෙයි.මොකද එච්චර දුකක් විඳගෙන විරුද්ධ ලිංගිකයෙක් එක්ක ඉන්නවට වඩා තමන්ගේ ජාතියම එකෙක් එක්ක ඉන්න ලේසියිනෙ..කොල්ලෙක් ආශ්‍රය කිරීම කොල්ලෙක් එක්ක පින්තුර ගැනීම වගේ දෙකින් පාසලක ගෞරවය හානි වෙනවද??ඔය අහවල් ගෞරවේ කියන්නේ මොකද්ද??? ඊට වඩා දිවිනසා ගැනීමෙන් ඔය කියන මොකද්ද එක හානි වෙන්නේ නැද්ද??? සභාවධර්මයට අනුකුලව හැසිරීම එච්චර වරදක් වෙන්නේ කොහොමද?? එක සමාජ ගැටළුවක් නොවෙන ගානට හසුරවගන්න මිනිස්සුන්ට අවබෝධය දුන්නාම ඉවරයිනේ.

ඔන්න රාජපක්ෂට කරන්න පුළුවන් නම් ආශ්චර්යයක් ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය උසස් කරන්න...