Saturday, December 7, 2013

නොලියවුණු කතාවක් පාර්ට් 3

නොලියවුණු කතාවේ තුන් වෙනි පරිච්චේදය මේ විදිහට ලියවෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ.මට සහජයෙන් ලැබුන දේවල් වලින් මං වැඩියෙන්ම කැමති මගේ ඉවට.එත් කලින් කිව්වා වගේම මගේ අනාවැකි ඔයා සැබෑ කරගෙන යන එක ගැන මට තියෙන්නේ දුකක්.

ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ඊයේ ආරංචි වුනාම මට හිනා ගියා. ඒ ඇයි කියලා මං දැන් කල්පනා කරනවා.සුභ පිය පදවියක් වේවා කියලා මැසේජ් එකක් එව්වේ ඒ හිනාවත් මුනේ තියාගෙන. දැන්වත් හැදෙයිද දන්නේ නැහැ කියලා මගේ යාළුවාට කිව්වාම එයා ගත්ත කටටම කිව්වේ ඕකට හැදෙයි ඒඩ්ස් කියලා.ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ කියලා මන් දන්නා නිසා හිනා වේලා නිකන් හිටියා.

එත් රෑ දොළහමාරට ඔයා කතාකරලා මගේ හිතේ මෙච්චර කල් ඔයා ගැන අංශුමාත්‍රයක හරි කැමැත්තක් තිබ්බා නම් එකත් නැති කරලා දැම්මා.රෑ දොළහමාරට මට කතා කරන්න මේකා ගෙදර නෙවෙයිද ඉන්නේ කියලා හිතද්දීම ස්විස් හෝටලේ ඉඳලා කෙල්ලෙක් බස්සන්න ගෙදර ගිහින් දැන් එන්නේ කිව්වාම මට ඔයාව අප්පිරියා හිතුනා.මිනිස්සු වෙන ගැනුත් එක්ක යනවා.ඒවා අපිට ඕන තරම් සාධාරණිකරණය කරන්නත් පුළුවන්.මෙච්චරකල් මන් ඔයාව සාධාරණිකරණය කරන්න උත්සාහ කළා.එත් ඔයා වෙනුවෙන් ඔයාගේ වයිෆ් එච්චර දුකක් විඳින වෙලාවක ඔයා කලේ අන්තිම බලු වැඩක්.එක තමයි ජිවිතේ කියලා ඔයා කියනවා කියන්නේ ඔයාට සැහෙන්න වැරදිලා.ඔයා කියන ජිවිතේ මට තේරෙන්නේ නැති එක ලොකු දෙයක්.අඩුම තරමේ මට එක තේරුම් ගන්න ඕනේ නැහැ.

මීට අවුරුදු 5කට විතර කලින් මන් ඔයාව අඳුරගත්ත මිනිහගෙන් දසමයක්වත් දැන් ඔයා ඇතුලේ ඉන්නවද කියලා මට සැකයි.සාර්ථකත්වය පස්සේ දුවලා දුවලා ඔයා අන්ධ වෙලාඒ.ඔයා ට නොතිබුණු ක්ලාස් එකක් ඔයාගේ සල්ලි වලින් ලැබිලා තියන හින්දද මන් දන්නේ නැහැ. මිනිස්සුන්ට අලුතෙන් සල්ලි ලැබුනාම වෙනස් වෙනවා කියන්නේ ඕක වෙන්න ඇති.සල්ලි වලින් සාර්ථකත්වය ලබාගන්න බැහැ කියලා තේරුම අරගෙන සැනසීම වෙනුවෙන් ජිවත් වෙන මගේ ජිවිතේ ගැන මට සතුටුයි.

ඔයා ඇතුලේ හිටපු කලාකාරයා දැන් හොයාගන්නවත් නැහැ.ඒ කලාකාරයාට වෙලාවක් නොදී ඉඳලා ඒ මනුස්සයා යන්න ගිහින්.දැන් ඉතුරුවෙලා ඉන්නේ කුපාඩි ගුරුවරයෙක්, නැත්තන් නීතිඥයෙක්.ඔයා එහෙම වෙයි කියලා අංශුමාත්‍රයක හරි හැගීමක් දුන්න මගේ ඉවට මන් ස්තුතිවන්ත වෙනවා.ඔයත් එක්ක රේස් ඒකක දුවනවට වඩා මගේ ජිවිතේ හරීම සැනසීමෙන් තෘප්තිමත්ව ගෙවිලා යනවා.එක තමා ජිවිතේ කියලා ඔයා හඳුන්වන අප්‍රසන්න සිතුවිල්ලට වඩා විශාල බලාපොරොත්තු  අරමුණක් නැති වුනත් ඒ ඒ මොහොතේදී ජීවතේ ගැන පුදුම වෙන්න විඳින්න මට පුලුවන්.

ඔයාට කොල්ලෙක් ලැබෙන්නේ නැතුව කෙල්ලෙක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නම්,අඩුම තරමේ ලෝකේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහාවත්.ඔයා වගේ කොල්ලෙක් නං මේ සමාජයට බිහි කරන්න එපා. ලැබෙන කෙල්ලගේන්වත් ඔයා ජිවිතේ හොයාගත්තොත් ආයමත් එක මට සතුටක්......

මාගේ සිතින් ඔබ සමු අරන්....





7 comments:

  1. මනුස්සයෙක්ට 1 ඉදන් 10ට ගනන් කරන්න පුලුවන් නම්,
    එකතු කරන්න අඩු කරන්න පුලුවන් නම්,
    එතනින් එහාට ගනන් කරන එක බොහෝම සිම්පල් වැඩක්.
    මනුස්සයෙක් අදුරගන්න එක සිද්ධියකින් බෑ.
    හැබැයි දෙකක් තුනක් වෙනකොට දැනගන්න ඕනේ -_-

    ReplyDelete
    Replies
    1. නොදන්නවා කිව්වේ කවුද බොල??

      Delete
  2. will there be 4th part..... (this is the way you should express your feelings)

    ReplyDelete
  3. උඹ මේකේ 1,2 දැම්මේ කවද්ද බං.. මතකත් නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් මතක නැතෝ....ආය ලියවෙයිද කියලත් නොදනිමි...

      Delete
  4. ලස්සන කතාව හරිම අපූරුවත්වයකින් යුතුව ලිය වී තිබේ. ඔයා ලියලා තියෙන්නේ නුවර තියන ස්විස් හෝටලේ ගැනද? ඔයා නුවර කෙනෙක්ද? මට නුවර ගැනයි ස්විස් හෝටලේ ගැනයි කියනකොට හුරු ගතියක් දැනුනා. ස්විස් එකේ ටොප් මැනේමන්ට් එකේ මම අදුරන අය ගොඩාක් ඉන්නවා.කොහොම වුනත් පටු විදිහට බලන්න පුරුදු වෙන්නේ නැතුව පුලුල් විදිහට බලන්න ක්‍රියාකරන්න සමාජයට හොඳ පුර්වාදර්ශයක් සපයන්න පුලුවන් තමන්ට අවංක විදිහට වැඩ කලෛාත්..

    ReplyDelete