Sunday, April 28, 2013

හර්ද සුත්‍රයෙන් පසු...

සුනේත්‍රාගේ පොතක් කියව්වාට පස්සේ හැමතිස්සෙම මට ලියන්න හිතෙනවා.කතාවක මනුස්සයෙක් කෑවේ බිව්වේ මොනවද කියන එකට වඩා මොනවද හිතුවේ කියන එක දැනගන්න ඕනවුනු හින්දා වෙන්න ඇති
මට හිතෙන දේවලුත් ලියන්න හිතෙන්නේ.

කොහොම උනත් නිර්මලා ජයසුරිය කියන්නේ මං වෙයි කියලා හිතාගෙන ඉන්න කෙනා වුනාට මේ අවුරුදු විසිතුනක් ඇතුලේ ගොඩනැගිලා තියෙන්නේ පුන්සරා ජයසුරිය කෙනෙක්ව.ඒ සමහර විට මට එයාට වගේම අම්මා කෙනෙක් ඉන්න නිසා වෙන්න ඇති.එත් සුවපත්වීමෙන් එහාට මං මගේ ජිවිතේ ජිවත් වෙලා නැති නිසා අනාගතයේ පුන්සරා ජයසුරිය ඉඳීවිද නිර්මලා ජයසුරිය ඉඳීවිද කියන්න මං හරියටම දන්නේ නැහැ.

පොඩි කාලේ ඉඳන් නොසැලකිය යුතු තරම් පොඩි කාරනා නොදනිම හිත යට තැන්පත් වෙලා තිපිලා පිටු පුරවලා ගතු කියලා මානසික වෛද්‍යවරියට ගිහින් දුන්නට ඒ ගැනිට එක කියවලා බලන්නවත් වුවමනාවක් තිබුනේ නැහැ. ඒ වෙනුවට මට හැමෝටම සමාව දෙන්න කිව්වා. එත් පුන්සරාගේ ලිවුම මිසිස් පෙරේරා පිච්චුවාට පස්සෙත් එකේ තිබුන දේවල් ගැන ගතු කිව්වා වගේම මගේ පැමිණිල්ලත් විභාග නොවීම නිෂ්ප්‍රභා කරලා දැම්මට මගේ හිතට සාධාරණයක් ලැබුනේ නැහැ.තාමත් ඒවා ගැන කියා කියා හුස්ම හිරවෙනකල්ම අඬන්න මට පුළුවන්. කාටවත් ඒ නඩුව විභාග කරන්න වුවමනාවක් නැති වුනාට සමහර විට මගේ ජිවිතයේ වැඩිමහල් සමයේදී ඒ වෙනුවෙන් මට සාමය උදාවෙයි.

ගැටලුව සුවපත් වීමෙන් එහාට මොකද වන්නේ කියන එක.භයානකම දේ සිද්ද වෙන දේවල් පිළිඅරගෙන එක අනුමත කරන්න මං නිර්මලා තරම් ශක්තිමත් ගැහැනියක් නොවන නිසා දවසක ප්‍රේමනීය පුරුෂයෙක් දරු පැටියෙක් නොමැති වීම ගැන දුක් වෙන්න තරම් බොළඳ වීමයි, ප්‍රේමනීය පුරුෂයෙක් සෙවනේ ඉන්න තාමත් කොහේදෝ ඉන්න ගැහැණියෙක් ආස වීමයි.

එකින් ඒකට අනුකම්පා විරහිතව මොලෙන් තිරනාට ගන්න විට "මෝඩ ගෑනියේ දවසක පසුතැවෙයි!" කියලා හදවත කෑ ගහන එක නවත්තන්න පුළුවන් නම් ජිවිතේ මීට වඩා පහසුවෙයි.

මං තාමත් අතරමං වෙලා. නිදහස් කුරුල්ලෙක්ව පියඹලා යන්න දෙන්න අතහරින්න මට තියෙන වුවමනාව නිසා එකට විරුද්ධව මට දෙයක් කරන්න බයයි.මං තාමත් වැට උඩ...

නැව පිටත් වෙන්න ලඟයි
දුම් දමමින් හු හඬ නගමින් 
දැනුම් දෙයි යලිත් වරක්
නමුදු මා අවිනිශ්චිතව 
ගොඩ වෙම් දැයි නොවෙම්දැයි
සිතමින් තවමත්
ජැටියේ අග නොසෙල්වී
නොනවතින චාරිකාවකට 
බියෙන්...



ප.ලි - " ගෑනියෙක්ට කලාතුරකින් තමයි එකපාර මිනිස්සු දෙන්නෙකුට ආදරේ කරන්න පුළුවන් - හර්ද සුත්‍රය "

මොන බොරුද? මේ මොහොතේ මම කීදෙනෙකුට ආදරේ කරනවද කියන්න මං දන්නේ නැහැ.

"ඔයා ගනුන්ට කතා කරන විදිහට ගැහැණු ලේසියෙන් රැවටෙනවා ඇති..රැවටිලා කියලා දැන දැනත් අතාරලා දාලා යන්න බැරි ගෑනුත් ඇති! - හර්ද සුත්‍රය "
.
මොනවා කරන්නද? මේක ලිව්වා එක්කෙනාගේ කටේ රුපියලක් දාන්න වටිනවා...




14 comments:

  1. පිස්සු වැටෙන්නෙ නැතිව හිටියොත් ඇති ඔය පොත් වල තියෙන දේවල් කියවල... මොකද එක එක ජාතියේ පොත් ලෝකේ තියෙනවා නෙව... පොත් වල තියෙන්නේ සත්‍යයම කියල හිතන එක නං මෝඩ කමක්. ඒක චිත්ත සංකල්පනා වැඩි ප්‍රමාණයක් එකතු වෙච්චි නිර්මාණයක් විතරයි. මම කියන්නේ නවකතා ගැන...

    ReplyDelete
    Replies
    1. සුනේත්‍රා රජකරුනානායකට තියන චෝදනාවක් තමයි එයා ප්‍රභන්ධය කිරීමේ හැකියාව වසාගන්න කටුක සත්‍ය ලියනවා කියලා.මං මේකේ කියලා තියන හැමදේම පිලිගන්නවා නෙවෙයි, නමුත් මට හුඟක් ලඟයි එකේ තියන දේවල්.සහ මං මුදිතට මාර කැමතියි..

      Delete
    2. නොහැකියාව වසාගන්න *

      Delete
  2. "ඔයා ගනුන්ට කතා කරන විදිහට ගැහැණු ලේසියෙන් රැවටෙනවා ඇති..රැවටිලා කියලා දැන දැනත් අතාරලා දාලා යන්න බැරි ගෑනුත් ඇති! - හර්ද සුත්‍රය "

    ඇයි මෙච්චර ගෑනු කතාවට රැවටෙන්නේ???

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට ගෑනු ඒ තරම්ම කැමති නිසා..

      Delete
    2. පිරිමි ඇස් තුළින් ආලයෙන් වෙලෙද්දී ගැහැණු ආලයෙන් වෙලෙන්නේ තමන්ගේ දෙසවන් හරහා... :D

      Delete
  3. තේරුම් ගන්නට ලොවෙත් හැකියාවක් නැති, ඒත් ජීවිතය ජීවත් කරවන්න වතුර ඔක්සිජන් ගානටම වැදගත් වන ඊළඟ සාධකය තමා මගේ දැක්මේ හැටියට ගැහැණිය කියන්නේ.., කලාකාමියෙකුට ලෝකේ තිබෙන විච්ත්‍රතම මාතෘකාව කියා කියන්නට හැකි, පැසිස්ට් වාදියෙකුට ලොව ඇති දරුණුතම සොයා ගැනීම කියා හඳුන්වන්න්ටත් හැකි එහෙව් ගැහැණිය කට එකවර දෙදෙනෙකු වෙත සිය ආදරය පුදන්න බැරි කමක් නෑ.., මම අත්දැකීමෙන් දන්නවා.., නිරාමිස ආදරයක් කොහොමත් කැටගරි කරලා පෙන්නිය යුතු නෑ. එහෙම කලොත් ඒ ආදරේ තියෙන වටිනාකම භින්නවෙලා යනවා.., සුනේත්‍රා හර්ද සූත්‍රයෙන් කියන්න උත්සහ කරන්න ඇත්තේ මේ පරම සත්‍ය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. :)

      මට හරියටම තේරෙන්නේ නැහැ එයා පොතෙන් කියන්න හදන්නේ මොකද්ද කියලා.එත් ඒ ඒ අවස්ථාවේ විදිහට මිනිස්සුන්ට හිතෙන දේවල් නං ඇත්තටම හිතෙන දේවල් එයා ලියලා තියෙනවා.

      මේක මෝඩ කමෙන්ට් එකක් වගේ පේනවා නම් සමාවෙන්න.

      Delete
  4. තාම මේ පොත කියවන්න ලැබුණේ නෑ.. විස්තරයට බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. අනේ පුතේ මම නං කරකවලා අතෑරියවගේ ඉන්නෙ මේක කියෙවුවට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. :) ඒ මොකෝ? පොත කියවලා බලන්න පුළුවන් නම්..

      Delete
  6. හෆ්ෆේ හොද වෙලාවට මං මේ වගේ පොත් කියවන්න යන්නේ නැත්තේ.. මට තේරුම් යනවා අඩුයි බං.. ;)

    ReplyDelete